Social Icons

පරිවර්තන

Featured Posts

Saturday, October 11, 2014

ආශ්චර්යට අස කරනවා නම්.. ඒ තුල තියෙන ඒ අන්දකාරයත් පිලිගන්නම වෙනවා.

මම      අපි මේ ජිවත් වෙනවද       අප්පච්චි?
අප්පච්චි       ඔව් පුතා.
මම                :  මට තේරෙන්නේ   නෑ.මොකටද මෙහෙම ජිවිතයක්?
අප්පච්චි       තමන් හොයන ආස කරන දේ ලැබෙන එක විතරමද ඔයා ජිවිතේ කියල හිතන්නේ?
මම                : මම අස කලේ මොනාටද අප්ච්පච්චි? මම හෙව්වේ මොනාද? මම හෙව්වේ හරි පොඩි   දෙයයී අප්පච්චි ..


අප්ච්පච්චි       නෑ  පුතා. ඔයා හෙව්වේ අමාරුම දේ. මනුස්ස හදවතකට දෙන්න අමාරුම දේ. සමහරක් දෙනා  මුළු ජිවිත කාලයක් පුරාම හෙව්වත්නොලැබෙන දේ.ඔයා හෙව්වේ අමාරුම දේ පුතා.


මම                :  අප්පච්චි මට ආදරෙයීද?
අප්ච්පච්චි       :  උත්තරේ ඔය දන්නවනේ මගේ දුවේ ..


මම                : ඉතින් කියන්නකෝ .. කට ඇරලා කියන්නකෝ. ඇයී වචන වලින් කියන්න බැරි? ඔය රැවුල් කොට ටික හැලෙනවද වචන වලින් ඒක කිව්වොත්?


අප්ච්පච්චි       : ඔව් පු තා ..  මං මගේ පුතාට අදරෙයී…


මම                : ඉතින් ඇයී ...  එක කට ඇරලා කියන්න බැරි? අප්පපච්චි


අප්ච්පච්චි       : ඔව් පුතා ..
මම                : මට කතාවක් කියනවද?


අප්පපච්චි       ඔන්න මගේ පුතා ... කාලයක් කුමාරියෙකුයී කුමාරයෙකුයී බොහොම ආදරයෙන් කාලය ගත ළා. හදිස්සියේම කුමාරයා නැති උනාලු.


මම               : ඊටපස්සේ


අප්පපච්චි      : දිනක් කුමරියගේ පය ලගට දළබුවකු අවා... කුමරිය දලබුවන්ට හරි බයයී. කුමාරිය දලබුවා    පගා  මරා  දැමුවා. දළබුවා  කුමරියගේ පයට පෑගී.. කුමරියගේ පය පාමුල මිය ගියා..


මම               : ඊටපස්සේ


අප්පපච්චි      : මල් පිපුණා . පරවුණා ... කාලය ගත උණා. කුමාරිට කුමාරයා තවම හම්බ උනේ නෑ.
අයෙමත් මල් පිපුණා. ආයෙමත් පරවුණා .. කුමාරයා  අවේ නැ...


මම              : කුමාරි තීරණය කලා කුමාරයව හොයාගන්න.
අප්පපච්චි     :ඔව්... ගිරි දුර්ග , වන දුර්ග  පසුකර මහා ජල දුර්ග.. රාත්රී දහසක් පසුකර  කුමාරි අවා අර්ධ දෙවියන් ගාවට. ඇවිත්, අර්ධ දෙවියන්ගෙන් කුමාරයා ගැන ඇහුවා. අර්ධ දෙවියන් මේ වන විට මේ ගැන දැන ගෙනයී හිටියේ.  නිසා අර්ධ දෙවියන් කුමාරිට කතා කළා.
                      (අර්ධ දෙවියන්) : ආදරණීය කුමරිය, සමනලයෙක් වෙන එක                                         හරිම දුෂ්කරයී... ඔබට අනෙක විද දුක් විදින්නට සිදුවේවි..


මම              : මට ඒකෙන් වැඩක් නැ  මට කුමාරයා ගැන කියන්න.
අප්පච්චි       : (අර්ධ දෙවියන්) ආදරණීය කුමරිය, සමනලයෙකු වෙන එක හරි          භයනකයී... සියලු බලාපොරොත්තු පිළිබද සැකයෙන් කල් ගෙවන්න සිද්ද වෙනවා. සමහර විට ජීවිතය පවා අහිමි වෙනවා.


මම            : මට ඒකෙන් වැඩක් නැ  මට කුමාරයා ගැන කියන්න.
අප්පච්චි     : (අර්ධ දෙවියන්) : ආදරණීය කුමරිය, ඔබ සමනලුන්ට ආස නම්...     දළබුවන්ටත් ආදරය කරන්නට වෙනවා.


මම          :මට ඒකෙන් වැඩක් නැ....  මට කුමාරයා ගැන කියන්න අප්පච්චි.....
 අප්පච්චි  :(අර්ධ දෙවියන්) ආදරණීය කුමරිය,  ඔබේ පය පාමුල ..පයට පෑගී මිය ගිය     දලබුවා  වෙන කවුරුත් නොව, වර්ණවත් සමනලයෙකු වීමට සිහින මැවූ ඔබේම ආදරණීය කුමාරයා යී ..

පුතේ සමහර ජිවිත වල ඔය දකින ආශ්චර්ය ඇති උනේ අන්න එහෙමයී... ඉතින් ඔය ආශ්චර්යට අස කරනවා නම්.. තුල තියෙන  අන්දකාරයත් පිලිගන්නම වෙනවා

මම       : වැඩක් නෑ අප්පච්චි. ඔය කතා වලින් මගේ ජිවිතේ ලේසි වෙන්නේ නෑ ..

අප්පච්චිගේ සුරංගනා  කතාව අවසානයේ කුමරිය ලය පැලී මිය ගියේය


x

Thursday, August 21, 2014

මමත්වය


ආදරය යනු අයීති කර ගැනීම නොව අගය කිරීමයී. නමුත් බොහෝ දෙනෙක් මෙය පටලවාගෙන සිටින්නේ මන් දැයී විශාල ගැටලුවකි. සැබවින්ම එය බැලු බැල්මට වැටහ ගැනීමට අපහසු කාරණයකි. ආදරය හැගීමකි. එය තවකෙකුගෙන් තවකෙකුට වෙනස්ය. පෙම්වතුන් අතර වුවත් ආදරය එකිනෙකට වෙනස් වේ. අපි ආරදය  අයීති කර ගැනීමට ගිය විට මග හැරීමක් උවද සිදුවන්ට පුළුවනි. අයීති කර ගැනීම තුල ඇත්තේ ආදරය නොව. ආදරයට එහා ගිය මමත්වයයී. තමන් කැමති දේ සහ තමන් ගේ ජීවිතය වඩා  යහපත් වේවි යන ආත්මාර්ථකාමී අදහසයී. සත්‍ය නම් අයීති කරගැනීම තුල ඇත්තේ  හොදම දේ ලබාගැනීමට ඇති තරගයයී. එය තමා තමාටම කරන ආදරය මිස,  අනෙකාගේ දුක ගැනීමේ චේතනාව නොවේ. නමුත් අපිට එය වැටහ ගැනීමට හැකියාවක් නොමැත්තේ බොලද වුත් සුන්දර වුත් අප විසින්ම ගොඩනගාගත් ජිවිතයක අපට ජිවත් වීමට සිදුවන නිසාවෙනි. 
සබැ ආදරය යනු අත්  හරිමම පමනයී. ඔබ යමෙකුට සබැ වශයෙන්ම ආදරය කරන්නේ නම් ඔබ කල යුත්තේ ඔවුන් හැර යාමයී. සබැ ආදරය ඇත්තේ එතැනයී. 

Monday, March 10, 2014

ඔබ ආදරය කරන කෙනා පිලිබදව ඔබට භක්තියක්,ශ්‍රද්ධාවක් තිබිය යුතුමයී

පිරිසිදු ආදරය කියන දේ මන් දකින්නේ හරියට වන්දනාවක් වගේ. ඇත්තටම එක වන්දනා ගමනක් වෙන්නේ ආධ්‍යාත්මයට සම වැදුනම. ආදරය කියන්නේ හරි අපුරු සොයාගැනීමක්. අපුරු අද්දැකීමක්. විදීම සහ විදවීම කියන අන්ත දෙකම තියෙන පරම සුන්දර නාට්‍යක්. ඇත්තටම ආදරේ හරියට වන්දනා ගමනක් වගේ.
මොකද දෙහදක් තුල උපන් ආදරය, ස්නේහය ජිවිත ගණනක් සනසන සදුන් කල්කයක් වන්නේ ඒ  ආදරය පිවිතුරු වන තරමටයී. එය හරියටම පෙරුම්පුරගෙන ඉවසීමෙන් කාලයක් පේ වී සුදුසු කාලය පැමිණි පසු ගමන් අරබා  
අළුයමින්ම සීත ගගුලෙන් ස්නානය කර, සදුන් කල්කයක් තවරා,පිරිසිදු සුදු පිරුවට ඇද, තුනුරුවන් කෙරෙහි ඉමහත් වූ භක්තියෙන් සුදු මල්  මාල ගොතලා, දෙදෙනා ගෙතු මල් මාලය නොතලා හිමින් සීරුවෙන් දෑතින්ම ගෙන සියලු බාධක, පඩි නැගගෙන, ශ්‍රී පාදොත්තමයාණන් වහන්සේ දැක ගැනීමට යන වන්දනා ගමනක්ම වන්නේය. එය බලු බැල්මට සුන්දර උවත් සැබවින්ම ඒ  ගමන එතරම් පහසු කාර්යක් නොවේ. එය විශාල කැපකිරීමකි. ඔය ගමන ගිහින් ඉවර වෙනකල්ම යන්න පටන් ගත්තු විදියටම ශ්‍රද්ධාවෙන් බැහැල එන්නෙත් කින් කීදෙනාද? ටිකක් හිතල බලන්නකෝ...
සමහරු එක විනෝද ගමනක් කරගන්නවා. සමහරු අනිත් අය බල කරන නිසා යන ගමනක් කරගන්නවා. සමහර අය වෙනම හේතුවක් විදියටත් ඔය ගමන යනවා. විනෝද ගමනක් කර ගන්න එක වැරද්දක් කියන්නේ නැ. නමුත් මේ දෙක අතර සැබෑ වෙනසක් මන් දකිනවා. වන්දනා ගමන ඇතුලෙත් විනෝදය තියෙනවා. ත්‍රාසය, භීතිය, දුක්, මගහැරීම්, හැමදේම තියෙනවා. නමුත් මේ දෙදෙනාගේ අරමුණ ඉතා පිරිසිදුයී. මොකද එක උවමනාවෙන්ම යන ගමනක් නිසා.

ඔය කෝක උනත් ඉතින් සමහර අය ඉන්නවා... කීපදෙනෙක් එක්ක උනත් ඔය ගමන යනවා. සමහරු ඉන්නවා මගදී අතර මං වෙනවා. සමහරුන්ට බහිනකොට අත්  උදව්  දෙන්න කවුරුත් නැ. එක නිසා අවබෝදයෙන්,ගෞරවයෙන්. කට වැරද්ද ගන්නේ නැතුව යන්න ඕනේ ගමනක්. ඒ  ගමන අවසානයේ සැබෑ වෙනස් ප්‍රතිඵලයක් මා දකිනවා. 

මන් මෙතැනදී ශ්‍රද්ධාව කියල කීවේ තුණුරුවන් ගැන ශ්‍රද්ධාවම නෙවේ. ඔබ ආදරය කරන කෙනා පිලිබදව ඔබට ඇති ශ්‍රද්ධාව ගැනයී මන් කතා කරන්නේ. මේ ගමන සැබවින්ම සුන්දර වීමට නම් ඔබ ආදරය කරන කෙනා පිලිබදව ඔබට භක්තියක්,ශ්‍රද්ධාවක් තිබිය යුතුමයී. එහෙම අනෙකා ගැන ආකල්පයක් තමන්ගේ හිතේ තියෙන යට විතරයී... අර මන් ඉස්සල්ල කියපු විදියටම ගමන යන්නේ. 

Thursday, February 27, 2014

මේක ඇත්තටම හොද ආයෝජනයක්

ආයෙමත් හුග කාලෙකට පස්සෙයී මං ලියන්න පටන් ගත්තේ. ඔයා ජිවිතේ කවදා හරි අලුත් දෙයක් කරන්න උත්සහ කරලා තියෙනවද? සමහර විට උත්සහ කරන්න ඇති. නමුත් සාර්ථක නෑ කියලා හිතෙනකොට ඒක එහෙමම අතැරලා දාන්නත් ඇති. මොකද මිනිස්සු වෙනසකට කැමති නැති හින්ද තම ඔය ගැටලුව එන්නේ.සාම්ප්‍රදයීක විදියට නොහිතා අලුත් දෙයක් කරන්න ගියොත් සමාජයෙන් අපිව බැහැර කරනවා.ඉතින් ඔය හේතුව හන්ද අපිට සිද්දවෙනවා අනිත් අයට ඕනි විදියට ජිවත් වෙන්න.මොකද බැදීම් නැති කර ගන්නත් බෑ. ඒ බැදීම් වලට යටත් වෙලා ඉන්න තාක් කල් අපිට සිද්ද වෙන්නේ මුළු ජිවිත කාලෙම අනිත් අයට කීකරු වෙලා ජිවත් වෙලා ඉදල මැරිලා යන්නයී. ඔහොම කියද්දී මට ලස්සන වැකියක් හම්බ වුණා.

 "ඔබ සෑම දවසක්ම ඔබේ ජිවිතයේ අවසාන දිනය සේ සලකා ජිවත් වුණොත්, යම්කිසි දවසක එය අනිවාර්යෙන්ම සතයක් බවට පත් වේවි" කියලා.

මමත් ඉක්මනින් මිය යන බව මතක් කර ගැනීම මගේ ජිවිතයේ වැදගත්ම තීරණ ගන්න අවස්ථා වල හිතට ශක්තිය ගන්න ගොඩක් උදව් වුණා. මොකද සෑම පරාජයක්ම, සෑම බිදවැටෙන බලාපොරොත්තුවක්ම, සෑම බියක්ම මරණය ඉදිරියේ පරාජය වෙනවා. එතැනින් එහාට අභියෝගයක් ජිවිතයට නැ.එය විය යුතු ආකාරයෙන් සිද්ධ වෙන්න ඕනැන්නේ මරණය ජිවිතයේ හොදම සොයාගැනීම නිසයී එය වෙනසකට ලක් කරන නියෝජිතයෙක්. 

අද අපි තරුණ වෙලා හිටියට වැඩි කාලයක් යාමට පෙර මේ මාර්ගයෙන් ඉවත් වීමට සිදු වෙනවා.අපේ කාලය සිමා සහිතයී. ඒ නිසා වෙනත් අයෙකු සේ ජිවත් වීමට කාලය නාස්ති කරන්නෙපා.අනිත් යට ඕන විදියට ජිවත් වීමේ උගුලට හසුවෙන්න එපා. 

අන් අයගේ මත.ඝෝෂාවන් තුලින් ඔබ තුල සිටින නිර්මාණකරු යටපත් කරගන්න හදන්නෙපා.වඩාත් වැදගත් දෙය වන්නේ ඔබේ හදවත සහ ප්‍රතිභාව ශක්තියෙකින් යුතුව අනුගමනය කිරීමයී. 

ඔබ, ඔබ කෙරෙහි විශ්වාසය තැබීම ඔබ ඔබගේ ජිවිතයට කරගන්නා වූ විශාලම ආයෝජනයයී.ඔබ ඉදිරියට ගෙනයන එකම දේ,ඔබ කරන දෙයට ආදරය කිරීම සහ ඔබ ඔබ කෙරෙහි තබන විශ්වසයයී. ඔබ එම කරනා දෙක මත කරනු ලබන බර තැබුම ඔබේ අනාගත සාර්තකත්වයේ ප්‍රමාණය  තීරණය කරනු ඇත.