Social Icons

Wednesday, January 9, 2013

ජීවිතය ඔබ...

ආදරය විටක ජීවිතයයී.ඒ ආදරය ඇතැමෙකුට ප්‍රකාශ කරන්නට බැරි වෙනවා.මන්ද එවිට   ඔබ ගොළුවකු වන හන්දා.ආදරය හමුවේ ඔබ විටක බිහිරියී ,විටක අන්ධයී .ජීවිතය හරියට සතර පද ගලපලා අමාරුවෙන් හදාගන්න ප්‍රේහෙලිකාවක් වගේ ...ඔබ ජීවිතයේ ගැටළු දකින්නේ එකවරම පෙනෙන ජීවිතයේ සිද්දියක්ද?නැතිනම්,එක පාරට නොපෙනී නොයන ජීවිතයේ අතුලාන්තයද?ඕනෑම කෙනෙකුට ජීවිතයේ මොන ආකාරයකින් හරි මගහැරුණු දේවල් තියෙන්නේ පුළුවන්.මන් අදහස් කලේ... ඕනෑම දෙයක්.
සමහර විට මේ මොහොතේ පෙම් කරන දෙදෙනෙකු අතර උනත් ඒ ප්‍රේමයේ මගහැරීමක් තියෙන්න පුළුවන්... දෙදෙනාගේ වැරදි අඩු පාඩු ටිකින් ටික පෙනෙන්න දැනෙන්න ගන්න එක
සමාන්‍ය දෙයක්. මිනිස් ගතිය කියන්නේ එකට.තමන් දෙන දේට සාපේක්ෂව තමන්ට ලැබෙන්නේ අඩුවෙන් කියල හිතපුවම ජීවිතේ සමහර දේවල් ගැන කලකිරීමක් ඇතිවෙනවා.එක පෙම්වතුන් අතර විතරක් නෙවේ.දෙමව්පියන්-දරුවන් අතර වගේම යාළුවන් අතර පවා පොඩි පොඩි ගැටළු ඇති වෙන්නේ මේ හන්ද කියලයී මටනම් හිතෙන්නේ .ගොඩක් වෙලාවට ආදරය මගහැර යන්නේද ,දිග් කසාද වන්නේද මේ හේතුව හන්දයී . 

හැමෝම  කරන්නේ බාල්කවල එල්ලෙනවා වගේ තමන්ගේ මත වලම එල්ලීගෙන ඉන්න එකනේ.අනුන්ගේ අඩු පාඩු හොයනවා මිසක් තමන්ගේ ඇතුලාන්තය දකින්න කව්රුත් කැමති නැ .ඕනෑම දෙයක ඇතුලත මායාව වගේම ඇත්ත දකින්න නම් මායාව එහෙට මෙහාට කරන්න ඕනි .එතනදී ඔබේ සිත සමග කතා කිරීමට ඔබට බොහෝ දේ තිබේවි.සමහර විට ඔබ සිතයී,මොනවද මේ ලියල තියෙන විකාර කියලා . කලබල නොවී ටිකින් ටික තේරුම් ගන්න බලන්න එක තම හොදම දේ.
මේ ලෝකේ ඉන්න හැම මනුස්සයෙක්ම ජීවත් වෙන්නේ බලාපොරොත්තු කන්දරාවක් හිතේ තියාගෙන.මන් කියන්න යන්නේ බලාපොරොත්තු තියාගන්න එපා කියල නෙවේ.මන් දන්නවා ,බලාපොරොත්තු නැතුව ජීවත් වෙනවා කියන්නේ හරියට හුස්ම ගන්නේ නැතුව ඉන්නවා වගේ වැඩක් කියලා.එත් බලාපොරොත්තු කාලයට සපෙක්ෂයී.ඔයාටත් පුංචි කාලේ ලොකු උනාම කරන්න කියලා  ගොඩක් බලාපොරොත්තු තියෙන්න ඇති.එත් අද ඒ හීන අඩුගානේ මතක් වත් වෙනවද.කරන්න ඕන හොදම දේ මොකද්ද කියල මං  කියන්නේ නෑනේ.එක ඔය දන්නවා. මං  කලේ ඔයාට කරන්න ඕනි දෙයක් මතක් කරපු එක විතරයී.

3 comments:

Anonymous said...

ඇත්තටම ඔයාගෙ අදහස් ගොඩක් වටිනව. දිගටම ලියන්න . මම මේ blog 1 දකින හැමෝටම කියනව අවිල්ල කියවන්න කියල. පුලුවන් ජීවිතේ ගන අලුත් යමක් දැනගන්න.wish u all the best dear

Unknown said...

ඇත්තටම මරු ආ

Anonymous said...

හිතට ගොඩක් දැනුන.දිගටම ලියන්න.wish u all the best ma dr