Social Icons

Monday, December 24, 2012

මේක දිග කතාවක්

තුන් මුල්ල හන්දියෙන් ගොඩවෙලා මුල්ලක් සොයාගෙන බස් එකකට ගොඩව්නු අපේ කතාවයී මේ.මේ සංසාරේ හරියට බස් එකක යන ගමනක් වගේ.මේ ජීවිතේ කියන බස් එකට අපි මීට අව්රුදු ගානකට කලින් ගොඩ වුණේ.තාමත් අපි එක එක්කනා තම තමන්ගේ අරමුණු වලට යන ගමන්,මේ බස් එකේ ඉන්න එක්කෙනෙක් ලියන බ්ලොග් කතාවක් මේ.ඉතින් ඔය බස් එකේ යනකොට අපි නොදන්නා අය අපි එක්ක හාද වෙනවා .ඒ  අතරින් තව අය  අපේ ජීවිතේට ගොඩක් ලං වෙනවා. තනිව්ව මේ ගමන යන්න බැරි  වෙනකොට අපේ sheet එකේ මේ ගමන ඉවර වෙනකල් එකට යන්න කෙනෙක් හොයාගන්නවා.අපි කව්රුවත් දන්නේ නෑ අපි කව්රු ඉස්සල්ලා මේ බස් එකෙන් බහීවිද කියලා. සමහර අය  මේ බස් එකෙන් බැහැල යනවා.හැබැයී ඒ අය ආයෙමත් මේ බස් එකට ගොඩවෙනවා හැබැයී ඉස්සර හිටපු කෙනා විදියට නෙවේ ..වෙන චරිතයකින් .ඕක තමා මේ සංසාර ගමන .
කවද හරි මේ දේවල් මට ඕනේ වෙයී කියල මං ඒක පරිස්සමට මේ blog එකේ ලියන්න හිතුවා. බස් එක යන්න හදනවා.ඔබ තාමත් නැවතුමේ ..මට වැස්සට තෙමුණු වීදුරුවේ මීදුම අතරින් ඔබේ කදුළු පිරුණු ඇස්  දෙක මට  පේනවා .මන් මේ පිනි උඩින් 'මං තලව්ව' කියල ලීවා.ඔයාට පේනවද ?මං පුංචි තිතක් වෙලා යනකං බලන් ඉන්න .දරාගන්නම අමාරු දවසක ඔබත් ඊලග බස් එකට ගොඩවෙන්න
.
මරණයේ නවාතැනට මෙහා නැවතුමක මං ඔබ එනකල්  බලන් ඉන්නවා ...

Sunday, December 23, 2012

යනකොට මොනවද අරගෙන යන්නේ

දෙයක් කියන්න පටන් ගන්න හොදම විදිහ මොකද්ද කියල නම් මන් දන්නැ. ඔයාල මොනාද හිතන්නේ මේ ලෝක විනාසේ ගැන ? ඇත්තට බැරි වෙලාවත් මොකක් හරි විනාසයක් උනොත් දාලා යන්න බැරි දේවල් තියෙනවද? හැබැයී කොච්චර දේවල් දාලා යන්න සිද්ද උනත් අරන් යන්න පුළුවන් දේවලුත් තියේ ... බලන්නකෝ සතුට කියන දේ විතරක් අපි යන යන හැම තැනටම අරන් යන්න පුළුවන් ... සතුටින් ඉදලා මලත් කමක් නැ කියලා ඉන්නයී තියෙන්නේ . මේ ඉන්න ටිකේ හොදට ඉදිල්ලා -අපි හෙට මැරෙයීද කියල දන්නේ නැ කියනවා වගේ නැව ගිලුනත් බෑන්ඩ් චුන් කියල ඉන්න එකයී ඇත්තේ..
ඕක ඔයී කියන තරම් ලේසි නැ කියල මන් දන්නවා ...ඒ උනාට ඔය හිත් වල තියෙන දුක් අමතක කරලා හැම වෙලාවේම සතුටින් ඉන්න පුරුදු උනොත් ඔය ජීවිතේ දිනලා. දුක් වෙන්න හේතු කරනා 1000ක් තියෙද්දී සතුටු වෙන්න මොකක් හරි එක කාරණාවක් හොයාගෙන සතුටු වෙන්න .ජීවිතේ ගැන කලකිරෙන්නේ නැතුව මේ වගේ තැනක ඉපදුන එකට අනිත් යට බනින්නේ නැතුව ඔයාට සතුටු වෙන්න මොකක් හරි කාරණාවක් හොයා ගන්න..ජීවිතේ ගැන හරි සැහැල්ලුවෙන් හිතන්න ඕනි.ඔය කීවට මටත් කරන්න බැරිම දේ තම ඒක .මොකද ඉස්සර නම් මං මගේ සතුට අනිත් අය වෙනුවෙන් බාරකරලා තිබුණා .මන් සතුටු වෙන්නේ ඔයාලා හන්ද කියලා .එත් එක හරියන වැඩක් නෙවේ කියල මට පස්සේ තේරුණා .ඇයී ඉතින් එයාලා හන්ද 
සතුටු වුණා වගේම කවද හරි අඩනවානම් අඩන්න වෙන්නෙත් ඒ අය හන්දමයී නේ ? අපිට කැමති විදියට හැම දේම වෙනවනම් මොනා කරන්න බැරිද නේ? එත්එහෙම නොවෙන ඒකමයී හොද එක අතකට මොකද දුක තියෙන කොට තමා දැනෙන්නේ අපි ජීවත් වෙනවා කියලා .මන් කියන එක පොඩ්ඩක් හිතල බලන්නකෝ බොරුද කියලා. දුක කියන්නේ කව්රු කෝම කීවත් හරිම සුන්දර දෙයක්, හා නැද්ද? මං එහෙම කියන්න හේතු තියෙනවා.දුක කියන දේ තිබුනොත් විතරයී අපිට සතුට දන්නෙන්නේ එක හන්ද ඔය දුකින් ඉන්න කට්ට්ය ඒ හැටි දුක් වෙන්න කලබල වෙන්න ඕනේ නැ . මං මේක කියන්න ගත්තේ fb එක පුරාවටම තියෙන්නේ ගොඩක් අයගේ දුක් කතා හන්ද .


ඔය සතුටින් ඉන්න කෙනෙක්ද? ඉතින් කියන්නකෝ බලන්න ඔයා හිතන විදියට සතුටින් ඉන්න හොදම විදිය මොකද්ද කියලා.


ආයුබෝවේවා!



මන් මේ blog කලාවට අලුත් කෙනෙක් ..ඉතින් ආයුබෝවේවා! මේ blog එක කියවන හැමෝටම. ඔන්න ඉතින් මන් ගැන කීවොත් කියන්න ඒ හැටි මහා ලොකු දේවල් නැ .මගේ නම සමනලී . මගේ ආදරණීය බ්ලොග් එකේ නම මංතලව්ව.ඉතින් ඔයාලා දන්නවද මන්තලව්ව කියන්නේ මොකද්ද කියලා.මං තලව්ව කියන්නේ...ගුරුපාර ,මංපෙත කියන තේරුම තියෙන වචනයක් . මේ ලෝකේ හැමෝම යන්නේ තමන් හදාගත්තු ,තමන්ට ආවේනික අඩි පාරක . ඒ වුනාට හැමෝමටම වගේ මගේ ජීවිතේට නම් අඩිපාරක සේයාවක් වත් නැති කෙනෙක් මං .ඒ හන්ද තමා මං මේ blog එක ලියන්නේ.කියන්න දේවල් ගොඩක් තියෙනවා .වෙලාවක් තියෙනවනම් ඇවිත් මේ blog එකත් කියවල යන්න.අපි අපේ ජීවිත ගැන කතා කරමු.
එන්න මේ ඔබේ ජීවිතයේ සුන්දරම නවතන බව මතක තියාගන්න