Social Icons

Monday, March 10, 2014

ඔබ ආදරය කරන කෙනා පිලිබදව ඔබට භක්තියක්,ශ්‍රද්ධාවක් තිබිය යුතුමයී

පිරිසිදු ආදරය කියන දේ මන් දකින්නේ හරියට වන්දනාවක් වගේ. ඇත්තටම එක වන්දනා ගමනක් වෙන්නේ ආධ්‍යාත්මයට සම වැදුනම. ආදරය කියන්නේ හරි අපුරු සොයාගැනීමක්. අපුරු අද්දැකීමක්. විදීම සහ විදවීම කියන අන්ත දෙකම තියෙන පරම සුන්දර නාට්‍යක්. ඇත්තටම ආදරේ හරියට වන්දනා ගමනක් වගේ.
මොකද දෙහදක් තුල උපන් ආදරය, ස්නේහය ජිවිත ගණනක් සනසන සදුන් කල්කයක් වන්නේ ඒ  ආදරය පිවිතුරු වන තරමටයී. එය හරියටම පෙරුම්පුරගෙන ඉවසීමෙන් කාලයක් පේ වී සුදුසු කාලය පැමිණි පසු ගමන් අරබා  
අළුයමින්ම සීත ගගුලෙන් ස්නානය කර, සදුන් කල්කයක් තවරා,පිරිසිදු සුදු පිරුවට ඇද, තුනුරුවන් කෙරෙහි ඉමහත් වූ භක්තියෙන් සුදු මල්  මාල ගොතලා, දෙදෙනා ගෙතු මල් මාලය නොතලා හිමින් සීරුවෙන් දෑතින්ම ගෙන සියලු බාධක, පඩි නැගගෙන, ශ්‍රී පාදොත්තමයාණන් වහන්සේ දැක ගැනීමට යන වන්දනා ගමනක්ම වන්නේය. එය බලු බැල්මට සුන්දර උවත් සැබවින්ම ඒ  ගමන එතරම් පහසු කාර්යක් නොවේ. එය විශාල කැපකිරීමකි. ඔය ගමන ගිහින් ඉවර වෙනකල්ම යන්න පටන් ගත්තු විදියටම ශ්‍රද්ධාවෙන් බැහැල එන්නෙත් කින් කීදෙනාද? ටිකක් හිතල බලන්නකෝ...
සමහරු එක විනෝද ගමනක් කරගන්නවා. සමහරු අනිත් අය බල කරන නිසා යන ගමනක් කරගන්නවා. සමහර අය වෙනම හේතුවක් විදියටත් ඔය ගමන යනවා. විනෝද ගමනක් කර ගන්න එක වැරද්දක් කියන්නේ නැ. නමුත් මේ දෙක අතර සැබෑ වෙනසක් මන් දකිනවා. වන්දනා ගමන ඇතුලෙත් විනෝදය තියෙනවා. ත්‍රාසය, භීතිය, දුක්, මගහැරීම්, හැමදේම තියෙනවා. නමුත් මේ දෙදෙනාගේ අරමුණ ඉතා පිරිසිදුයී. මොකද එක උවමනාවෙන්ම යන ගමනක් නිසා.

ඔය කෝක උනත් ඉතින් සමහර අය ඉන්නවා... කීපදෙනෙක් එක්ක උනත් ඔය ගමන යනවා. සමහරු ඉන්නවා මගදී අතර මං වෙනවා. සමහරුන්ට බහිනකොට අත්  උදව්  දෙන්න කවුරුත් නැ. එක නිසා අවබෝදයෙන්,ගෞරවයෙන්. කට වැරද්ද ගන්නේ නැතුව යන්න ඕනේ ගමනක්. ඒ  ගමන අවසානයේ සැබෑ වෙනස් ප්‍රතිඵලයක් මා දකිනවා. 

මන් මෙතැනදී ශ්‍රද්ධාව කියල කීවේ තුණුරුවන් ගැන ශ්‍රද්ධාවම නෙවේ. ඔබ ආදරය කරන කෙනා පිලිබදව ඔබට ඇති ශ්‍රද්ධාව ගැනයී මන් කතා කරන්නේ. මේ ගමන සැබවින්ම සුන්දර වීමට නම් ඔබ ආදරය කරන කෙනා පිලිබදව ඔබට භක්තියක්,ශ්‍රද්ධාවක් තිබිය යුතුමයී. එහෙම අනෙකා ගැන ආකල්පයක් තමන්ගේ හිතේ තියෙන යට විතරයී... අර මන් ඉස්සල්ල කියපු විදියටම ගමන යන්නේ.