Social Icons

Friday, April 19, 2013

ආදරය නිරුවත් කොට

හුග කාලෙකින් මේ ලියන්නේ. කියන්න නම් ගොඩක් දේවල් තිබුණත් කියාගන්න බෑනේ . මොනවා කරන්නද ඔහොම තමා  ඉතින් ජීවිතේ. කියන්න ඕනි හැමදේම කියල ඉවරයක් කරගන්න බෑ .එහෙම කියන්න ඕනෙත්  නැ.මොකද අපි කියන දේවල් අහන් ඉන්න කවුරුත් නැ.සමහරවිට කගේ හරි හිත රිදුනද දන්නේ  නෑ. මන් එහෙම කීවම, මන් අදහස් කලේ එහෙම වැරදි දෙයක් නෙවේ...  ඕනේ නැ  එක අල්ලලා දාමු ,මං මේ කියන දේ හදවතින් දැකලා, මනසින් තීරණය කරන්න ඇත්තද කියලා. 

ආදරයෙන් බැදී සිටියදී අප දකින්නේ,සහකරුවාගේ බිත්තියේ ඇති,"හොද ගඩොල්" පමණයී.එහෙයීන්  අප දකින්නේ ඔහු හෝ අයගේ ගුණයහපත්කම හා සුන්දරත්වය පමණයී.නමුත් ඔහු හෝ ඇය වෙතින් අපි ප්‍රතික්ෂේප   වූ විටකදී එතැන් සිට අප දකින්නේ සහකරුවාගේ බිත්තියේ තිබෙන "වැරදි ගඩොල්" පමණී . ඔවුන්ගේ ගුණ යහපත්කම් ඉදිරියේ අප අන්ධ වේ.අපට ඒවා දැකීමට කිසිදු උවමනාවක් ඇති නොවේ.එවිට අප තව දුරටත් ඔවුන් වෙතින් ප්‍රතික්ෂේප  වේ.

 

 සෘන්ගාරය පිලිබදව  මා වඩාත් ගැබුරින් කල්පනා කලෙමි.එයට වඩාත් සුදුසු තැන ලෙස අප දකින්නේ යන්තම් එළියක් පමණක් ඇති අඩ අදුරු පරිසරයකි.එවැනි අදුරු පරිසරයක අනෙකාගේ මුහුණේ අවලක්ෂණ කල කුරුලෑ හෝ දත් දේපල ඇදව  ඇති ආකාරය ඔබට නොපෙනේ,එවිට ඔබ සිහිනයට වඩාත් සමීප වේ.ඔබේ පරිකල්පනයන් වඩාත් නිදහස් ස්වරුපයක් ගනී.නමුත් පැහැදිලි අලෝකයක් යට සියල්ල යථාර්තවදීය. මෙහි ඇති ගැටළු සහගත තත්වය උදා වන්නේ එහි ෆැන්ටසිය බිදුණු විටදීය.එහිදී ඇතිවන අපේක්ෂා බිද වැටීම අපව රිදවනු ඇත.

එහෙයීන් සෘන්ගරාත්මක  අදරයේදී අප සබැ ලෙසම සහකරුවට ආදරය නොකෙරේ.අප ආදරය කරන්නේ ඔහු හෝ අගේ ආදරය අපට ලැබෙන අන්දම අනුවය.ඔව්න් අපට සපයන වින්දනයට අප පැහැදිලිවම ආදරය කෙරේ.එහෙයීන් එයට පදනම් වන්නේ ,සබැ ආදරය නොව අනුරගයයී.අපට ආදරය හා වින්දනය ලබා දෙමින් ඔහු හෝ අප අසලම ගැවසෙද්දී සිතේ වූ ආදරය ඉහලම තැනට පත්වේ. එම වෙනස හදුනාගත් හැක්කේ,ඔවුන්  අහිමිව ගියවිටදී, සියලු හැගීම් අප වෙතින් ඉවත් වේ.කාලයත් සමග මතකය ද ගිලිහේ.