Social Icons

Monday, December 24, 2012

මේක දිග කතාවක්

තුන් මුල්ල හන්දියෙන් ගොඩවෙලා මුල්ලක් සොයාගෙන බස් එකකට ගොඩව්නු අපේ කතාවයී මේ.මේ සංසාරේ හරියට බස් එකක යන ගමනක් වගේ.මේ ජීවිතේ කියන බස් එකට අපි මීට අව්රුදු ගානකට කලින් ගොඩ වුණේ.තාමත් අපි එක එක්කනා තම තමන්ගේ අරමුණු වලට යන ගමන්,මේ බස් එකේ ඉන්න එක්කෙනෙක් ලියන බ්ලොග් කතාවක් මේ.ඉතින් ඔය බස් එකේ යනකොට අපි නොදන්නා අය අපි එක්ක හාද වෙනවා .ඒ  අතරින් තව අය  අපේ ජීවිතේට ගොඩක් ලං වෙනවා. තනිව්ව මේ ගමන යන්න බැරි  වෙනකොට අපේ sheet එකේ මේ ගමන ඉවර වෙනකල් එකට යන්න කෙනෙක් හොයාගන්නවා.අපි කව්රුවත් දන්නේ නෑ අපි කව්රු ඉස්සල්ලා මේ බස් එකෙන් බහීවිද කියලා. සමහර අය  මේ බස් එකෙන් බැහැල යනවා.හැබැයී ඒ අය ආයෙමත් මේ බස් එකට ගොඩවෙනවා හැබැයී ඉස්සර හිටපු කෙනා විදියට නෙවේ ..වෙන චරිතයකින් .ඕක තමා මේ සංසාර ගමන .
කවද හරි මේ දේවල් මට ඕනේ වෙයී කියල මං ඒක පරිස්සමට මේ blog එකේ ලියන්න හිතුවා. බස් එක යන්න හදනවා.ඔබ තාමත් නැවතුමේ ..මට වැස්සට තෙමුණු වීදුරුවේ මීදුම අතරින් ඔබේ කදුළු පිරුණු ඇස්  දෙක මට  පේනවා .මන් මේ පිනි උඩින් 'මං තලව්ව' කියල ලීවා.ඔයාට පේනවද ?මං පුංචි තිතක් වෙලා යනකං බලන් ඉන්න .දරාගන්නම අමාරු දවසක ඔබත් ඊලග බස් එකට ගොඩවෙන්න
.
මරණයේ නවාතැනට මෙහා නැවතුමක මං ඔබ එනකල්  බලන් ඉන්නවා ...

1 comment:

මංතලව්ව said...
This comment has been removed by the author.